?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd March 2026 10:34:33 Hours

ලුතිනන් ජෙනරාල් මන්ජින්දර් සිං මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දියානු හමුදා නියෝජිත පිරිසක් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙත පැමිණිම.

සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉන්දීය හමුදා නිලධාරීන් පිරිසක් 2026 පෙබරවාරි 28 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙත පැමිණියහ. මෙම නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ ඉන්දීය හමුදාවේ (නිරිතදිග)අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් මන්ජින්දර් සිං පීවීඑස්එම්, ඒවීඑස්එම් විසිනි.

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙත පැමිණි සංචාරක නියෝජිත පිරිස ආරක්ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. වැඩසටහන අතරතුර, පාසිකුඩා හි මෙහෙයුම් කටයුතු සහ ‘ලායා වේව්ස්’ හි ක්‍රියාකාරිත්වය පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

පසුව, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව ආරක්ෂක සේනා මුලස්තාන (නැගෙනහිර) ආඥාපති තුමන් සහ ලුතිනන් ජෙනරාල් මන්ජින්දර් සිං අතර සුහද සාකච්ඡා පැවැත්විණි. මෙම අවස්ථාව සැමරීම සඳහා සහ ශ්‍රී ලංකා හමුදාව සහ ඉන්දීය හමුදාව අතර දිගුකාලීන හමුදා සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවකින් මෙම සංචාරය අවසන් විය.