?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th February 2026 10:33:54 Hours

කෘෂිකර්මාන්තය පිළබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම

243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්ඒඩීඑස් රාජපක්ෂ ආර්එස්පී ඒයූඑස්ඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අදහසකට අනුව කෘෂිකර්මාන්තය පිළබද දැනුවත් කිරීමේ හා කෘෂි බෝග බෙදා දීමේ වැඩසටහනක් 2026.02.26 වන දින මඩකලපුව දිස්ත්‍රික් කෘෂිකර්ම අමාල්‍යංශය සම්බන්දතාවයෙන් මෙම පාබසේමු හිදී පවත්වන ලදී.

එහිදී සේවයේ නියුතු සෙබළුන්ගේ සහ මඩකලපුව ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වල නිරතවන ජනතාවගේ කෘෂිකාර්මික දැනුම වර්ධනනය කිරීමෙහිලා ගෙවතු වගාවන්, වස විසෙන් තොර ආහාර නිශ්පාදනය, කාබනික පොහොර නිශ්පාදනය හා නිවැරදිව කෘෂි බෝග රෝපණය යන ආදී කරුණු රැසක් නිදර්ශන සමගින් දැනුවත් කිරීම් සිදු කරන ලදි. මේ සදහා සම්පත් දායකත්වය හා අනුග්‍රාහකත්වය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - මඩකලපුව වෙතින් ලබා දෙන ලද අතර, එහිදී මෙම පාබසේමු බලප්‍රෙද්ශය තුල පදිංචිව සිටින ගොවි මහත්ම, මහත්මීන් 18 දෙනෙකු සහ 243 පාබල බලසේනා මූලස්ථානය හා යටතේ ඇති ඒකක නියෝජනය කරමින් 3 x 60 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගී වන ලදි.