?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th February 2026 13:06:51 Hours

ත්‍රිකුණාමල ප්‍රදේශයේ රණවිරු පවුල් සඳහා යුද්ධ හමුදාව විසින් IX වරටත් වෛද්‍ය සායන කඳවුරක් සහ සුභසාධක කදවුරක් පවත්වන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, රණවිරු සේවා, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය, වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුලු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව නැගෙනහිර 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හා රණක්‍ෂිතයට පත් මෙන්ම රාජකාරියේ නියතු රණවිරුවන්ගේ පවුල් සඳහා සෞඛ්‍ය හා සුභසාධක අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් එම ප්‍රදේශයේ හමුදා සාමාජිකයන් සඳහා 2026 පෙබරවාරි මස 24 දින 22 වන පාබල සේනා මුලස්ථානයේදි IX වෛද්‍ය සායන කඳවුරක් සහ සුභසාධක කදවුරක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටිඑෆ් එන්ඩියු පිඑස්සී අයිජි සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය ස්වේන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සහභාගි වූහ. එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සී, විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය මේ අවස්ථාවට භකාස අණසක (නැගෙනහිර) ආඥාපති, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි විය.

මෙම වෛද්‍ය සායනය අතරතුරදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද රෝද පුටු, අත්වාරු, වෛද්‍ය ආධාර සහ උපකරණ යුද්ධ හමුදාධිපතිතුමන් සහ පැමිණි අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා ප්‍රදානය කරන ලදී.

මෙම වැඩසටහන මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදිංචි විශ්‍රාමික/ක්‍රියාන්විත හේතුන් මත මියගිය රණවිරුවන්ගේ පවුලේ ලඟම ඥාතින් සේවයේ නියතු පවුල්වල ලගමහ ඥාතින් ආබධිත රණවිරුවන් හා විශ්‍රාමික රණවිරුවන් ගේ පවුල් වලට අයත් සාමාජිකයින් 1,500 කට අධික සංඛ්‍යාවක් සහාභාගි වු අතර, මෙහිදි වෛද්‍ය උපදේශන සේවා, කෘත්‍රිම අවයව නඩත්තු කිරීම, චර්ම රෝග සහ දන්ත සායන, මානසික සෞඛ්‍ය උපදේශන සේවා සහ පෝෂණ උපදේශණ සේවා මෙන්ම රණවිරු සුභසාධන කටයුතු ලබාදීම සිදුකරන ලදී.

එසේම, මෙම වැඩසටහනට සහභාගී වූවන් සඳහා පවතින ගැටළු විමසා නිරාකරණය කිරීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරින්, රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයින් මෙන්ම යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ.