?
22nd February 2026 11:40:01 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුඔුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟපෙන්වීම මත, 2026 මාර්තු මාසයේ පැවත් විමට නියමිත කැප්ටන් සිට මේජර් දක්වා විභාගයට පෙනී සිටින නිලධාරීන් සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් 2026 පෙබරවාරි 16 සිට 21 දක්වා පාඨමාලාවක් සංවිධානය කරන ලදී.
නිලධාරීන් 30 දෙනෙකු මෙම පාඨමාලාවට සහභාගී වූහ. මෙම ආසේමු බළ ප්‍රදේශයේ හි සුදුසුකම් ලත් උපදේශක නිලධාරින් උසස්වීම් විභාගයේ සියලුම විෂයයන්ට අදාළ දේශන සහ සාකච්ඡා මගින් ස්වේච්ඡාවෙන් තම දැනුම බෙදා ගත්හ. ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන් විසින් මෙම පාඨමාලාව සම්බන්ධීකරණය කරන ලදී.