?
21st February 2026 14:30:33 Hours
2026.02.13 වන දින, 3 ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායේ භඨ පිරිස් විසින් මිණිපුර ආබාධිත කාන්තා නිවාසයේදී ප්‍රජා සේවා වැඩසටහනක් පවත්වන ලදී. එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එච්එල්ඩීජීපී සේනාරත්න යූඑස්පී පීඑස්සී ඒඒටීඕගේ පූර්ණ දායකත්වය සහ මඟ පෙන්වීම යටතේ සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු ඒකකයේ අනෙකුත් සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවන් විසි දෙදෙනෙකුට දිවා ආහාරය ලබා දෙන ලදී. ඊට අමතරව, රුපියල් 150,000 ක් වටිනා සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කරන ලදී.