?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th February 2026 10:48:03 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙතින් පාසල් පොත් බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙතින් 2026 පෙබරවාරි 08 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) හි සේවය කරන රණවිරුවන්ගේ පාසල් යන සිසුදරුවන් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය සහ පොත් බෙදා දීමේ වැඩසටහනක් මෙම මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ඇතුලු ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහභාගි වු අතර මෙහිදී මුලික වශයෙන් පසුගියදා දිවයිනට බලපෑ දිට්ටා සුලි කුනාටුව මගින් විවිධ ආපදාමය තත්වයන් සදහා මුහුණ දුන් රණවිරු සාමාජිකයන්ගේ අධ්‍යාපනය ලබන පාසල් දූ දරුවන් කෙරෙහි ප්‍රමුඛතාවයක් ලබාදෙන ලදී.

මෙම පාසල් උපකරණ බෙදා දීම සදහා ත්‍යාගශීලී අනුග්‍රහය ලබාදෙන ලද්දේ පූජ්‍යපාද දොම්පේ ශාන්ති විහාරි නායක හිමිපානන් වහන්සේ සහ මනෝවිද්‍යා උපදේශන හා මානව හැකියා විශේෂඥ පුහුණු කරු උදය කුමාර මහතා විසිනි.

ඒ අනුව, ආරක්ෂක හමුදා මූලස්ථානය (නැගෙනහිර) යටතේ සේවය කරන හමුදා සාමාජිකයින්ගේ රණවිරු දරුවන් 50 දෙනෙකු සදහා පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය බෙදා දෙන ලදී.

මේ සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, ත්‍යාගශීලී පූජ්‍යපාද දොම්පේ ශාන්ති විහාරි නායක හිමිපානන් වහන්සේ සහ මනෝවිද්‍යා උපදේශන හා මානව හැකියා විශේෂඥ පුහුණු කරු උදය කුමාර මහතා ඇතුලු පිරිසක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ජ්‍යෙකොනොනින් කොනොනින් මෙන්ම රණවිරු දූ දරුවන් ඇතුලු පිරිසක් සහභාගි වන ලදී.