?
06th February 2026 12:26:11 Hours
මෙම ඒකක බළප්‍රදේශය තුල 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ආරුගම්බේ ත්‍රීරෝදරථ සංගමය හා පොතුවිල් ත්‍රීරෝදරථ සංගමය මගින් සංවිධානය කල නිදහස් දින රථ පෙලපාලි සදහා 14 ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් 2026/02/04 වන දින 0800 පැයේ සිට 1130 පැය දක්වා කාලය තුල 01 x 15 පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව සිසිල් බීම හා බනිස් ලබාදීමේ වැඩ සටහනක් සිදු කරන ලදි.
78 වන නිදහස් දින සැමරුමට අදාලව තිරුක්කොව්ල් ප්‍රාදේශයේ ලේකම් කොට්ඨාශයේ යෞවනයන් හා මෙම 8 ශ්‍රිලංජාආබමු ඒකක භඨපිරිස් ශ්‍රමදායකත්වයෙන් උදය සූරියන් ක්‍රිඩාංගනය පිරිසිදු කිරීම සිදුකර තිරුක්කොව්ල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රීඩා සමාජ අතර 2026.02.04 දින 1300 පැයේ සිට 1800 පැය දක්වා සුහද ක්‍රිකට් තරගාවලියක් යුද්ධ හමුදා උපදෙස් වලට අනුව පවත්වන ලදි. එම තරගාවලිය ප්‍රාදේශිය ලේකම් කාර්.යාලය - තිරුක්කෝවිල් නිලධාරින්, ප්‍රාදේශිය සභාව - තිරුක්කෝවිල් නිලධාරින්, කළාප අධයාපන කාර්.යාලය - තිරුක්කෝවිල් නිලධාරින් හා මහජන බැංකුව - තිරුක්කෝවිල් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි. ඒ අනුව අදාල ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වූ සියලුම කණ්ඩායම් වෙත දිවා ආහාරය, සිසිල් පැන් සංග්‍රහ, කෙටි ආහාර වේලක් ලබාදුන් අතර ජයග්‍රාහී කණ්ඩායම් වෙත ශුරතාවය, අනුශූරතාවය, හොදම පිතිකරු, හොදම පන්දු යවන්නා සහ තරගාවලියේ වීරයා හට කුසලාන සහ සම්මාන පිරිනමනු ලැබූ අතර සහභාගී වූ සියලුම කණ්ඩායම් සාමාජිකයින් වෙත සහතික පත්‍ර බෙදාදෙන ලදී.
මෙම වැඩසටහන නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එන්කේඩි බංඩාර ආර්.ඩබ්ලිව්පි ආර්.එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි, 242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජිඒටි කැලෑකෝරලේ ආර්.එස්පී යන ජේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ සහ 242 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් යුඑම්පී උඩුකුමාර, 14 ශ්‍රීලංසිරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ජිඑච්ටීපී ෆොන්සේකා, 8 ශ්‍රීලංජාආබමු ඒකක අණදෙන මේජර් කේඩී ලියනගේ යන නිලධාරින්ගේ පූර්.ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලදි.