?
03rd February 2026 19:18:15 Hours
78 වන නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙතින් වැලිකන්ද මුලික රෝහල සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහන් 2026.02.03 වන දින සිදුකරන ලදී.
මෙම වැඩසටහන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලද අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහභාගි වන ලදි.
මෙම ප්‍රජා සත්කාර වැඩසටහම වැලිකන්ද මුලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක ආචාර්ය ප්‍රදීප් මහතාගේ ඉල්ලීම මත සිදුකළ අතර, මහාවැලි ‘බී’ කලාපයේ නේවාසික කළමණාකාර ප්‍රධාන කාර්යාලයේ නියෝජිතයන්, වැලිකන්ද වෙලද සංගමයේ සාමාජිකයින්, සහ වැලිකන්ද මුලික රෝහලේ කාර්ය මණ්ඩලයද මෙම ප්‍රජා සත්කාර කටයුතු සඳහා සහභාගි වන ලදී.