?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd February 2026 14:58:15 Hours

9 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් මොණරතැන්නේදී ප්‍රජා සුභසාධන වැඩසටහනක් පවත්වයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයක් මත 3 වන වරටත් විශ්‍රාමික කර්නල් සුරේෂ් පක්‍ෂවීර ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ඔහු හදාරන ලද කැඩෙට් නිලධාරි පාඨමාලාවට අයත් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධරින් සහ 306 - ඩී 4 බියගම සිංහ සමාජයේ ධන පරිත්‍යාගයෙන් 9 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරි/ සෙසුනිලයින් විසින් ප්‍රද්ශයේ පාසල් දරුවන්ගේ මූලික පාසල් උපකරණ සහ පොත්පත් හිඟය සම්පූර්ණ කිරීමෙහි අරමුණ පෙරදැරි කර 2026 ජනවාරි මස 31 වන දින මොණරතැන්න ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 27 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පොත්පත් බෙදාදීම සහ එම සිසු සිසුවියන්ගේ දෙමාපියන් සඳහා වියලි සලාක මලු බෙදාදීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදි

මෙම අවස්ථාව සඳහා මෙම පාබල බලසේනාවේ කාර්ය්‍ය නියුත්ත බලසේනාධිපති කර්නල් එම්එල්එල්ආර් මොල්ලිගොඩ යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

තවද වැඩසටහන සදහා 233 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් එස්එම්සී කුමාර ශ්‍රීලංජාආබමු මේජර් ඩීඑල්සීඒකේ ලේඛම්ගේ අයිජි ශ්‍රීලකාහ - කාර්ය්‍ය නියුත්ත අණදෙන නිලධාරි 9 වන කාරක රෙජිමේන්තුව, ඇතුළු 9 ශ්‍රීලකාහට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වෙන ලදි.