?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd February 2026 18:59:15 Hours

4 වන බළඇණිය ගැමුණු හේවා බළකායේ භඨ පිරිස් විසින් පිල්ලෙයාර් කෝවිල හා අවට භුම්ය ශුද්ධ පවිත්‍ර කරයි.

යුද්ධ හමුදාව හා සිවිල් ජනතාව අතර සුහදත්වය සහ සහජීවනය වර්ධනය කිරිමේ අරමුණින් 4 වන බළඇණිය ගැමුණු හේවා බළකාය ඒකක බලප්‍රදේශයට අයත් මන්මුනේ බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 184/ඒ උන්නච්චිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති පිල්ලෙයාර් කෝවිල හා අවට භුම්ය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් එම ඒකකයේ 1x10 ක භඨ පිරිස් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් හා ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් 2026.01.31 වන දින සිදු කරන ලදි.

දමිළ ජනතාව වෙනුවෙන් මෙවැනි වැඩසටහන් යුධ හමුදාව විසින් සිදුකිරීම ප්‍රදේශවාසින් ඇගයීමට ලක්කරන ලදී. තවද සිවිල් වැසියන් 30 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන ලදි.