?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd February 2026 18:36:15 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් දානමය පිංකමක් සිදුකරයි

නවම් පුරපසළොස්වක පොහොය දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් 2026.02.02 වන දින කල්කුඩා සිරි සීලාලංකාර පිරිවෙනෙහි වැඩවසන ස්වාමීන් වහන්සේලා 24 නමක් සඳහා දානමය පිංකමක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බිඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීපීපී කුලතිලක එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරීන්, සෙසුනිලයින් හා සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී විය.