?
25th January 2026 18:14:12 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් JSBW පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026.01.21 වන දින 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් S/167458 ලා/බො මදුෂංක MAGD රණවිරුවා සඳහා ඉදිවෙමින් පවතින නිවසේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක් සිදු කරන ලදී.
මෙම නිවස ඉදිකිරීම් කටයුතු ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) යටතේ පරක්‍රමපුර ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබයි.
කොමිෂන් නොලත් නිලධාරියෙකු වන ලා/බො මදුෂංක MAGD රණවිරුවා සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක සාමාජිකයෙකි. ඔහුගේ දෙමාපියන් දැනට රැකියාවක නිරත නොවන අතර, සහෝදර සහෝදරියන් පස් දෙනාම දැනට පාසල් අධ්‍යාපනය ලබමින් සිටිති. මෙම නිවස ඉදිකිරීම් කටයුතු ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක සහ කාල තුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ මඟපෙන්වීම යටතේ සිදු කරනු ලබයි.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිතුමා විසින් ඉදිකිරීම් කටයුතු පරීක්ෂා කර එහි ප්‍රගතිය සමාලෝචනය කරමින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.