?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th January 2026 07:39:49 Hours

මඩ/කකු සිරි සීලාලංකාර ධර්මායතන පිරිවන වැල්ලවාඩීය - කල්කුඩා පිරිවනට අවශ්‍ය සංවර්ධන කටයුතු සම්භන්ධව සොයා බැලිම සඳහා සංචාරයක් සිදු කිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) බල ප්‍රදේශයට අයත් වැල්ලවාඩීය - කල්කුඩා ප්‍රදේශයේ පිහිටා ඇති සිරි සීලාලංකාර ධර්මායතන පිරිවනට අවශ්‍ය සංවර්ධන කටයුතු සම්භන්ධව සොයා බැලිම සදහා මෙම ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුබුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2026.01.17 වන දින එම පිරිවන් විහාරස්ථානයේ සංචාරය කිරිමක් සිදු කරන ලදි.

මෙහිදි ආඥපති ඇතුලු සියලු දෙනා විහරස්ථානාධිපති පුජ්‍ය දේවාලංකාර හිමියන් විසින් පිළිගත් අතර අනතුරුව සියලු දෙනාම පංචසිලයෙහි පිහිටුවන ලදි පසුව තරණ පදනමේ අනුග්‍රහයෙන් විහරස්ථානය වෙත අවශ්‍ය වියලි සලාක සහ පිරිවානා පොත් වහන්සේ පරිත්‍යාග කිරිමක් සිදුකල අතර, ඉන් පසු සිරි සීලාලංකාර ධර්මායතන පිරිවනට අවශ්‍ය සංවර්ධන කටයුතු සම්භන්ධව සොයා බැලිමක් සිදුකරන ලදි.

මෙම මඩ/කකු සිරි සීලාලංකාර ධර්මායතන පිරිවන දිඹුලාගල ආරාන්‍යය සේනාසනය මූලික කොටගෙන පාලනය වන අනුබද්ධ පිරිවනක් වන අතර මෙහි සංවර්ධන කටයුතුවල විශාල අවශ්‍යතාවයක් ඇති බව විහරස්ථානාධිපති හිමියන් විසින් පෙන්වා දෙන ලදි. මෙම සංචාරය සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ තරණ පදනමේ ගරු සභාපති ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.