?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th January 2026 18:15:57 Hours

අම්/මහ උණූවතුර බුබුල විදුහලේ ඉගෙනුම ලබන පාසල් සිසුන් සඳහා පාසල් පොත් හා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වීම.

මහඔය අධ්‍යාපන කාලප කාර්යාලයට අයත් අම්/මහ උණූවතුර බුබුල විදුහලේ ප්‍රථමික අංශයේ සිට අපොස සාපෙළ දක්වා එම විදුහලේ ඉගෙනුම ලබන පාසල් සිසුන් සදහා පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදා දිමේ වැඩසටහනක් 2026.01.17 වන දින අම්/මහ උණූවතුර බුබුල විදුහලේ පවත්වන ලදි.

24 වන පාබල සේනාංකයේ පුර්ණ අධීක්ෂණය යටතේ 243 පාබසේමු හා 16 ශ්‍රිලංජාආබමු සම්බන්දතාවයෙන් මෙම පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදා දීමේ උත්සවය සංවිධානය කරන ලදී. මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, මෙන්ම 24 වන පාබල සේනාංකාධිපති, 243 වන පාබල බලසේනාධිපති, ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරි හා 16 ශ්‍රිලංජාආබමු ඒකකයට අයත් භඨ පිරිස් සහභාගි විය.

මෙම පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන සාර්ථක කර ගැනිම සදහා මුල්‍යම දායකත්වය තරණ පදනම මගින් ලබා දුන් අතර, මේ සදහා තරණ පදනමේ ගරු සභාපති තුමිය සහ නිලධාරින් පිරිසක් සහභාගිවන ලදි. එහිදි මෙම ප්‍රදේශයේ අඩු අදායම්ලාභි හා විවිධ දුෂ්කරතාවයෙන් පෙලෙන අම්/මහ උණූවතුර බුබුල විදුහලේ ඉගනුම ලබන දරුවන් සියලු දෙනා හට අවශ්‍ය පාසල් පොත් සහ පාසල් උපකරණ ලබාදිමක් සිදු කරන ලදී. මෙම වැඩසටහන සදහා උණූවතුර බුබුල විදුහලේ පාසලේ ගුරුභවතුන් මෙන්ම ඉගනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසින් සහභාගිවන ලදි.