?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th January 2026 19:13:37 Hours

අක්කරෙයිපත්තු/දිඝවාපිය මහා විද්‍යාලයේ පාසල් ළමුන් සඳහා අත්‍යඅවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වීම

අක්කරෙයිපත්තු අධ්‍යපන කාලප කාර්යාලයට අයත් දිඝවාපිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා විදුහලේ ඉගෙනුම ලබන පාසල් ලමුන් සදහා පාසල් පොත් සහ උපකරණ බෙදා දිමේ වැඩසටහනක් 2026.01.16 වන දින අක්කරෙයිපත්තු/දිඝවාපිය මහා විද්‍යාලයේ පවත්වන ලදි.

මෙම වැඩසටහන සදහා ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එන්කේඩී බංඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයූ පීඑස්සී , 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ආර්එස්සී දිසානායක ආර්එස්පී, 242 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේජීඒටී කැලෑකෝරලේ ආර්එස්පී, යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුලු සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන සිදුකරන ලදි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනිම සදහා මුල්‍යමය දායකත්වය තරණ පදනම මගින් ලබා දුන් අතර, එහිදි ප්‍රදේශයේ අඩු අදායම්ලාභි හා දුෂ්කරතාවයෙන් මෙන්ම පසුගියදා පැවති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පිඩාවට පත් අක්කරෙයිපත්තු/දිඝවාපිය මහා විද්‍යාලයේ ඉගනුම ලබන දරුවන් සියලු දෙනා හට අවශ්‍ය පාසල් පොත් සහ පාසල් උපකරණ ලබාදිමක් සිදු කරන ලදි. මෙම වැඩසටහන සදහා පාසලේ ගුරුභවතුන් මෙන්ම ඉගනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන් හා ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් සහභාගිවන ලදි.