?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th January 2026 09:33:12 Hours

ආපදා සහන සේවා කටයුතු සිදු කිරිම

පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම පාබල බසේමු යටතේ පාලනය වන 8 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් කමු/තිකෝ කාන්චිරන්කුඩා ජිටීඑම්එස් විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට කඩා වැටුනු අහු ගසක් 2026.01.11 දින 8 ශ්‍රීලංජාආබමු ඒකක ආපදා සහන කණ්ඩායම යොදවා එම ගස කපා ඉවත් කිරිමට කටයුතු කරන ලද අතර, තවද ඒ සදහා තිරුක්කෝවිල් ප්‍රාදේශිය සභාවේ සහයෝගය ද ලබා දෙන ලදි.

මෙම ආපදා සහන වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබිලිව්එම්එන්කේඩි බණ්ඩාර ආර්ඩබ්ලිවිපී ආර්එස්පි යුඑස්පී එන්ඩියු පිඑස්සි, 242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජිඒටි කැලෑකෝරලේ ආර්.එස්පී යන ජේෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම යටතේ සහ 8 ශ්‍රීලංජාආබමු ඒකක අණදෙන මේජර් කේඩී ලියනගේ යන ජේෂ්ඨ නිලධාරින්ගේ පූර්.ණ අධීක්ෂණය යටතේසිදු කරන ලදි.