?
11th January 2026 15:33:22 Hours
22 වන පාබල සේනාංකයේ 34 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඩබ්ලිව්බීඑම්කේජීකේ වීරසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඒයූඑස්ඩබ්ලිව්සී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2026 ජනවාරි මස 05 වන දින නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.
22 වන පාබල සේනාංකය වෙත පැමිණි සේනාංකාධිපති තුමන් මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව 22 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් කදවුරු මුරයක් සහ සම්මාන පෙලපාලියක්ද පිරිනමන ලදී.
තවද, මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ආගමික වතාවත් සිදු කර නව පත්වීමට ආශිර්වාද පළ කළහ. ඉන් පසු මේජර් ජෙනරාල් ඩබ්ලිව්බීඑම්කේජීකේ වීරසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඒයූඑස්ඩබ්ලිව්සී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 22 වන පාබල සේනාංක මූලස්ථානයේ දී නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි.
ඉන් අනතුරුව, සේනාංකාධිපති තුමන් විසින් භටපිරිස් අමතමින්, සේනාංකයේ ඉදිරි වැඩ පිළිවෙල සඳහා තම දැක්ම සහ අපේක්ෂාවන් ඉදිරිපත් කල අතර,සියලු නිල තේ පැන් සංග්‍රහයක් සදහාද සහභාගි විය.