?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th January 2026 13:51:20 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) බලප්‍රදේශය තුල ඉදිරියෙදි ඇති වීමට අපේක්‍ෂීත අපදාමය තත්වය සම්භන්ධව සොයා බැලිම සදහා නිරීක්ෂණ චාරිකාවක් සිදු කිරිම.

මෙම ආරක්ෂක සේනා (නැගෙනහිර) බලප්‍රදේශයට ඉදිරියේදි සිදුවෙතැයි අපේක්‍ෂිත අයහපත් කාළගුණය හේතුවෙන් ඇතිවිය හැකි අපදාමය තත්වයට මුණුන දීම සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) බල ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදාවන්ගේ පෙර සුදානම සම්භන්ධව සොයා බැලිම සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026.01.09 වන දින නිරික්ෂණ චාරිකාවක් සිදුකරන ලදි.

මෙහිදි පළමුව 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ හදිසිමය තත්වයන් මත මුදවා ගැනිමේ මෙහෙයුම් සදහා භාවිතා කරන (BTR) වර්ගයේ සන්නද්ධ රථ වල සුදානම පිලිබදව නිරීක්‍ෂණයට ලක් කරන ලදි, ඉන් පසුව කිරාන් සහ 11(සෙව්) සිංහ රෙජිමේන්තුවට අයත් නිරතුරුවම අපදාමය තත්වයන්ට ලක්වන ස්ථානයන් සහ බලප්‍රදේශයේ අපදාමය තත්වයට පත්වන ස්ථානයන් නිරික්‍ෂණයට ලක් කරන ලදි.

මෙම නිරික්‍ෂණ කටයුතු සඳහා ආරක්‍ෂක සේනා (නැගෙනහිර) අඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සමග ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි.