?
31st December 2025 12:04:18 Hours
දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් බළප්‍රදේශයට අයත් කළුකැලේ ප්‍රදේශයේ පිහිටා ඇති විජය පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලයේදී 2025.12.27 වන දින එම පාසලෙහි ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 276 දෙනකු හට අධ්‍යාපනයට අවශ්‍ය පොත් පත් සහ අධ්‍යාපනික උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදි.
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිපිපි කුලතිලක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ හා එතුමන්ගේ ආදරණිය භාර්යාව වන අකිලා නවරත්න මැතිනිගේ ප්‍රධනත්වයෙන් 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස්ඩිකේඩබ්ලිව්එම්එම්අයි වැලිවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණයන් යුතුව 12 වන ගැමුණු හේවා බලකාය අණදෙන නිලධාරි මේජර් අසේල ගුණසේකර ආර්එස්පී නිලධාරි ඇතුළු නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනිම සදහා වු මුල්‍යමය දායකත්වය මෙල්වා අයතනය හා වයිට් විෂන් පදනම මගින් සිදුකරන අතර, එම ආයතනය මගින් අඩු ආදායම්ලාභි පවුල් සදහා සිදු කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් වශයෙන් මෙල්වා අයතනයේ සතිෂ් මහතා හා දිලක්ෂාන් මහතා සහ වයිට් විෂන් පදනමේ පොලොන්නරුව ප්‍රදේශයේ නියෝජිත එම්ඒ දයාරත්න මහතා හා එම ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉන්දික සිල්වා මහතා මෙන්ම වයිට් විෂන් පදනමේ සාමාජික සෙහාන් ධනංජය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළුම දෙනා විසින් මෙම පොත් පත් සහ පාසල් උපකරණ සදහා වු මුල්‍යමය දායකත්වය දැක්වූ අතර, මෙම උත්සව අවස්ථාව සදහා ප්‍රදේශයෙහි සම්භාවනීය අමුත්තන් සහභාගි වන ලදි.