?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th December 2025 11:06:13 Hours

2025 දෙසැමිබර් මස 26 දින කර්නල් එමිඑල්එල්ආර් මොල්ලිගොඩ යූඑස්පී ‍ජේෂ්ඨ නිළධාරි 233 වන පාබළ බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති ලෙස තනතුරේ වැඩ භාර ගන්නා ලදී

කර්නල් එමිඑල්එල්ආර් මොල්ලිගොඩ යූඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරී 233 වන පාබළ බළසේනා මූලස්ථානයේ 33 වන බළසේනාධිපති වශයෙන් 2025 දෙසැමිබර් මස 26 වන දින ආගමික වතාවත් හා චාරිත්‍රවලට අනුව වැඩ භාර ගන්නා ලදී.

හමුදා සම්ප්‍රදායන්ට අනුව 7 වන ගැමුණුහේවා බළඇණි භඨපිරිස් විසින් 233 වන පාබළ බළසේනා මූලස්ථාන පරිශ්‍ර‌යේදී කඳවුරු මුරයකින් එතුමන් හට ගෙ!රවය පුදකල අතර, බළසේනා මූලස්ථානයෙහි සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් එතුමන් ගෙ!රවයෙන් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදා සම්ප්‍රදායන්වලින් අනතුරුව, ආගමික ආශිර්වාදය සමගින් බළසේනාධිපතිතුමන් රාජකාරි භාරගැනීමේ නිල ලේඛනයට අත්සන් තබමින් සංකේතාත්මකව රාජකාරීන් ආරම්භ කරන ලදී.

මෙම සුවිශේෂි අවස්ථාව සනිටුවහන් කරමින් කර්නල් එමිඑල්එල්ආර් මොල්ලිගොඩ යූඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් අණදෙන නිලධාරින් හා පාබල බළසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු කාර්යය මණ්ඩලය සමග සමුහ ඡායාරූපවලට සෙනි සිටි අතර, පැලයක් රෝපණය කිරිම සිදුකිරිමෙන් පසු නව බළසේනාධිපති තුමන් භඨපිරිස් අමතන ලදි.

පසුව, බළසේනාධිපති තුමන්ගේ කාර්යාලයේදි 233 බළසේනා මූලස්ථාන නිලධාරින් විසින් නව බළසේනාධිපති තුමන් හට 233 බළසේනා මූලස්ථාන බළප්‍රfoaශය පිළිබද දැනුවත් කරන ලදි.මෙම උත්සව අවස්ථාව සදහා අණදෙන නිලධාරින්, බළසේනා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසු නිළයන් රැසක් සහභාගිවන ලදි.