?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th December 2025 17:28:30 Hours

243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති රාජකාරි භාර ගැනීම.

243 වන පාබල බලසේනාවේ 4 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ආර්ඒඩීඑස් රාජපක්ෂ ආර්එස්පී ඒයූඑස්ඩබ්ලිව්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් බලසේනා මූලස්ථානයේදී 2025 දෙසැම්බර් 24 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගත් අතර ප්‍රධාන දොරටුව අභියසදී 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව බලසේනාපතිවරයා හට සම්මාන මුරයක් පිරිනමන ලදී.

අනතුරුව සර්ව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද මධ්‍ය යේ නව බලසේනාධිපති තුමන් රාජකාරි භාරගත් අතර‍, සමූහ ඡායාරූපයක් සහ පැළයක් සිටුවීම මෙන්ම බලසේනාවේ රාජකාරි නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් සදහා භඨපිරිස් ඇමතිමක් සිදුකර බලසේනාවේ අනාගත ප්‍රගතිය සඳහා ඔහුගේ දැක්ම සහ අපේක්ෂාවන් පැහැදිලි කළේය.

තවද එම අවස්ථාවේදී සියලුම නිල තේ පැන් සංග්‍රහයකින් පසු අවසන් වූ අතර, නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සුබ පැතුම් එක්කල අතර එම අවස්තාවට 243 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.