?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th December 2025 17:24:30 Hours

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ වියලි සලාක ද්‍රව්‍ය බෙදා දීම.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ වියලි සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 241 පාබල බලසේනාධිපති තුමාගේ ඉල්ලීමකට අනුව නින්දවූර් ප්‍රධන මුස්ලිම් දේවස්ථානයේ සභාපති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජවුෆර් මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් අයහපත් කාලගුණය නිසා බලපෑමට ලක්වූ ආලයාඩිවෙම්බු, වාච්චිකුඩා හා දයාපුර යන ග්‍රාම නිළධාරී වසම්හි පවුල් සඳහා වියලි සලාක මළු 169ක් බෙදාදීම 241 පාබල බලසේනාවේ සහ යටතේ පාලනය වන 18 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 11 ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භඨපිරිස්ගේ සහභාගීත්වයෙන් 2025 දෙසැම්බර් 23 වන දින මෙම වැඩසටහන සිදු කරන ලදී.