?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd December 2025 12:11:44 Hours

සෙවනපිටිය අළුත්වැව ප්‍රාථමික පාසලේදී පාසල් උපකරණ සහ පොත් බෙදා දිම

233 වන පාබල බලසේනාවේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ 9 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරි/සෙසුනිලයින් විසින් 2025 දෙසැම්බර් 19 වන දින සෙවනපිටිය - අලුත්වැව ප්‍රාථමික විද්‍යාලයේදී පාසල් උපකරණ/පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස් ජේ එම් එන් එස් පෙරේරා යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

තවද, මෙම අවස්ථාවට කර්නල් එච් පී ඒ සෙනාරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි -23 වන පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි,ලුතිනන් කර්නල් එල්ආර් සේනාපති ගැහේබ - 23 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි,ලුතිනන් කර්නල් එස් එම් සී කුමාර ශ්‍රීලංජාආබමු- 233 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරියන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පරිත්‍යාගශීලියාගේ ඥාතීන් සහභාගී වූ අතර,මෙම වැඩසටහන අර්තවත් සහ සහයෝගිතාවය වර්ධනය කිරීමේ ප්‍රජා සත්කාරයක් බවට පත් කළේය.