?
22nd December 2025 12:03:53 Hours
පසුගිය දිනයන්හිදී දිවයිනට බළපෑ “දිට්වා” සුළිකුණාටුව හේතුවෙන් විපතට පත් 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තු බළප්‍රදේශයට අයත් තෙන්නමරම්වාඩිය සහ තිරියාය යන ග්‍රාම නිලධාරි වසම්හි ජීවත්වන පවුල් 176ක් සදහා ගුණ ජය සතුට පදනමේ සාමාජිකයින්ගේ රු.1,056,000.00ක මුල්‍ය දායකත්වයෙන් පවුලක් සදහා රු. 6,000.00ක වටිනාකමකින් යුත් වියළි සලාක මළු 176ක් බෙදාදීමේ ප්‍රජාසත්කාරමය වැඩසටහනක් අධියර 2ක් යටතේ 2025 දෙසැම්බර් මස 20 වන දින පවත්වන ලදී.
වැඩසටහනේ පළමු අධියර ලෙස තෙන්නමරන්වාඩිය ප්‍රදේශයේ විපතට පත් පවුල් 76ක් සදහා වියලි සලාක මළු බෙදාදීම සිදුකරන ලද අතර දෙවන අධියර තිරියාය ප්‍රදේශයේ විපතටපත් පවුල් 100 ක් සදහා ගිරිහඩුසෑය රජමහා විහාරස්ථනයේදී පවත්වන ලදි.
මෙම වැඩසටහන 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ සම්භන්ධීකරණය හා පූර්ණ අධික්‍ෂණය යටතේ පැවැත්වු අතර මෙම අවස්ථාව සදහා 221 පාබළ බළසේනාධිපති සහභාගීවූ අතර එම ප්‍රජාසත්කාර වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් 03x25ක ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.