?
22nd December 2025 11:42:46 Hours
22 වන පාබල සේනාංක මුලස්ථාන සේනාංකාධිපති මේජර් ජනරාල් එච් ඩි එල් එස් පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මග පෙන්වීම යටතේ 222 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩි එම් ජි කේ එච් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ හා 9 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මෙහෙයවීම මත 03 x 15 භඨපිරිසකගේ සහභාගීත්වයෙන් දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයෙන් විපතට පත් නීලපොල ප්‍රදේශයේ පවුල් 175කට නිමි ඇදුම් බෙදා දීමේ වැඩසටහනක් 22 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 18 දින නීලපොල රජමහ විහාරස්ථානයේදි පවත්වන ලදී.