?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th December 2025 16:15:38 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) යටතේ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ඉරුදියපුරම් ජනතාව වෙත වියළි සලාක මළු සහ අවශ්‍යතා බෙදාදීම.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මගපෙන්වීම මත 22 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්ඩීඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස් මත 223 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්ටීඅයි ගුණවර්ධන ආර්එස්පී පීඑස්සී සහ 15 වන ශ්‍රිලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඉරුදියපුරම් ප්‍රදේශයේ පිඩාවටපත් පවුල් 250ක් සදහා සුංගාවිල දොම්පේ ශාන්ති විහාරනායක හිමි විසින් ප්‍රධානය කරන ලද වියලි සලාක මළු සහ අවශ්‍යතා බෙදා දීමක් 2025.12.18 වන දින ඉරුදියපුරම් ගම්මානයේදී යුද්ධ හමුදා සමාජිකයින් සහ ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.