?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th December 2025 10:17:20 Hours

යුද්ධ හමුදාවේ ප්‍රධාන දායකත්වයෙන් හා සම්බන්ධතාවයෙන් ශක්තිමත්ව ප්‍රතිසංස්කරණය වන නීලපොළ කංගුවෙලී බැම්ම

පසුගිය දිනවල දිවයින තුල ඇතිවු ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස හානියට පත් වූ මෙම ආසේමු (නැගෙනහිර) බලදේශයේ පිහිටි නීලපොළ කංගුවෙලී බැම්ම යුධ හමුදාවේ දායකත්වයෙන් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර එම ප්‍රතිසංස්කරණය කටයුතු සම්බන්දව වත්මන් ප්‍රගතිය සොයා බැලීම සදහා ආසේමු (නැ) ආඥාපති, මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නීලපොළ කංගුවෙලී ප්‍රදේශයේ 2025.12.11 වන දින සංචාරය කරන ලදී.

එහිදී ආසේමු (නැ)ආඥාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරින් ගංවතුරෙන් හානියට පත් නීලපොළ කංගුවෙලී බැම්ම නිරීක්ෂණය කරන ලදී. අනතුරුව ආසේමු (නැ)ආඥාපති, මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් නීලපොළ කංගුවෙලී බැම්ම ප්‍රතිසංස්කරණය කටයුතු වල නිරත යුධ හමුදා භඨ පිරිස් විසින් හානියට පත් නීලපොළ කංගුවෙලී බැම්ම ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ලබා දෙනු ලබන මෙහෙවර සහ කාර්යයන් සදහා තම ප්‍රසංසාව පිරිනමන ලදි.