?
10th December 2025 16:16:43 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සහ 23 වන සේනාංකායේ සේනාංකාධිපතිගේ මඟ පෙන්වීම යටතේ සහ 232 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 12 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරියාගේ මගපෙන්විම යටතේ, 12 වන බලඇණියේ දෙවන අණදෙන නිලධාරියාගේ පූර්ණ අධීක්ෂණය මත පසුගිය දිනවල දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්, ආපදාවට ලක්වු එම ඒකක සී කණ්ඩායම් බලප්‍රදේශයට අයත් කුඩුම්බිමලෙයි ග්‍රාම නිලධාරී කොට්ඨාශය යටතේ ඇති කුඩුම්බිමලෙයි ගම්මානයේ පදිංචි පීඩාවට පත් පවුල් 150 ක් සඳහා වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ඒකකයෙන් 1 x 04 ක භට පිරිසක් සහභාගී වූහ.