?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th December 2025 15:48:28 Hours

මුතුර් ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සඳහා නැගෙනහිර කාන්තා සංසදය (මඩකලපුව දිස්ත්‍රිකය) විසින් 243 පාබල බලසේනාවට වියළි සලාකපරිත්‍යාග කිරීම

නැගෙනහිර කාන්තා සංසදය (මඩකලපුව දිස්ත්‍රිකය) විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් මුතුර්ප්‍රදේශවල පවුල් අතර බෙදා හැරීම සඳහා රුපියල් 200,000.00 ක් පමණ වටිනාවියළි සලාක 243 පාබල බලසේනාවට නොමසුරුව පරිත්‍යාග කරන ලද අතර, මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ විශේෂ මඟ පෙන්වීම යටතේ සහ 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහාය ඇතිව පවත්වන ලදී.

2025 දෙසැම්බර් 09 වන දින 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගීත්වයෙන් 243 පාබල බලසේනාවේ 02 × 05 ක භට පිරිසක් සහභාගී වූහ.

නැගෙනහිර කාන්තා සංසදය (මඩකලපුව දිස්ත්‍රිකය) දායකත්වයෙන් 243 පාබල බලසේනාවේ සහයෝගයෙන් මුතුර්ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ලබාදෙනු ලබන මෙම මානුෂිය ආධාර යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉවහල්වේ.