?
09th December 2025 12:34:43 Hours
20 වන බලඇණිය ගජබා රෙජිමේන්තු බලප්‍රදේශයේ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වු ශාන්තිපුර ගම්මානයේ පවුල් 25ක් සදහා මහාචාර්ය සුභාෂිණි සේනාධීර, ආචාර්ය වරුණි සේනාධීර, ආචාර්ය භාග්‍යා සේනාධිර, එස්පිජිසි සේනාධීර සහ ඈපා සෙනවිරත්න යන මහත්ම/මහත්මීන්ගේ රු:125,000.00කට ආසන්න මුල්‍ය දායකත්වයෙන් රු: 5000.00ක වටිනාකමකින් යුත් වියළි සලාක මළු 25ක් බෙදාදීමේ ප්‍රජාසත්කාරමය වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 07 වන දින පවත්වන ලදී.
221 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මගපෙන්වීම යටතේ 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පීපිඑස්සි නිලධාරිගේ පූර්ණ අධික්‍ෂණය සහ උපදෙස් මත එම ප්‍රජාසත්කාර වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් 03x10ක ශ්‍රම දායකත්වය ලබා දුන් අතර, ඔවුන් හට ආහාර පාන/නවාතැන් පහසුකම් සහ අවශ්‍ය කරනසියලුම දේ යුද්ධ හමුදාව වෙතින් ලබා දෙන අතර එම ජනතාවගේ සෞඛ්‍ය තත්වයද සොයා බැලිමට කටයුතු කරන ලදි .