?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th December 2025 21:19:15 Hours

අයහපත් කාළගණය හේතුවෙන් හානි වූ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා භඨ පිරිස් දායකත්වය ලබා දීම

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සහ ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් පරිදි 24 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 14 ශ්‍රීලංසිරෙ සහ 18විපාරෙ ඒකකයන්ට අයත්02 × 50 ක භඨ පිරිස් ප්‍රමාණයක්දිවයිනට බලපෑ අයහපත් කාළගණය හේතුවෙන් ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර කොටසේහානි වූ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා සහභාගී වන ලදී .

තවද, මෙම ඉදිකිරීම් කටයුතුහි වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති තුමන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පවතින ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර කොටසෙහි නිරීක්‍ෂණ චාරාකාවක 2025 දෙසැම්බර් 07 වන දින නිරත විය.