?
08th December 2025 12:01:07 Hours
මෙම ආරක්ෂක සේනා (නැගෙනහිර) බලප්‍රදේශයට බලපැ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දැඩි හානියට පත් (කොළබ මඩකලපුව) දුම්රිය මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන් යලි පිලිසකර කිරිම සම්බන්දව ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 2025.12.07 වන දින නිරික්ෂණ චාරිකාවක් සිදුකරන ලදි. එහිදී දුම්රිය මාරිගය භාරව සිටින ඉජිනේරු මහතුන් සමග මනම්පිටිය දුම්රිය මාර්ගය යලි පිලිසකර කිරිම සදහා යුද්ධ හමුදා සහය ලබාදෙන අයුරු සාකච්චා කරන ලදී.
අනතුරුව අම්පාර දිස්ත්‍රිකයේ දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ සල්පිටිගම ගම්මානයේ ආපදා තත්වයට පත් වූ පිරිස් හට තලගල මංගලාරාම මහා විහාරයේ ශ්‍රි සිද්ධාර්ථ පදනම හා සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුග්‍රාහය මගින් එකතු කරන ලද වියලි සලාක මලු බෙදා දීම සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වන ලදී.
ඉන් පසුව, ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් 3 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තු බලප්‍රදේශයේ සංචාරය කල අතර එහිදි අණදෙන නිළධාරි ඇතුලු සියලු දෙනා හට ප්‍රදේශයේ ආපදා කටයුතු සඳහා ලබා දෙනු ලබන මෙහෙවර සහ කාර්යයන් වෙනුවෙන් තම ප්‍රසංසාව පිරිනමන ලදි.