?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th December 2025 09:09:27 Hours

විසින් ඇඳුම් ආයිත්තම් සහ වියළි සළාක පරිත්‍යාගයක් 243 වන පාබලබල සේනාවට වෙත ලබාදෙන ලදි

ලියෝ සමාජය වින්සන් ටයිට්ස්විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් සේරුවාවිල ප්‍රදේශයේ පවුල් සදහා ඇඳුම් ආයිත්තම් සහ වියළි සළාක බෙදා හැරීම සඳහා 243 පාබල බලසේනාව වෙත පරිත්‍යාග කරන ලදී.

මෙහි මුලික අරමුණු වුයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීම සහ මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ඔවුන් හට සහය වීමයි. මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ් ජයවීර යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්තුමන්ගේ විශේෂ මඟ පෙන්වීම යටතේ සහ 243 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහාය ඇතිව පවත්වන ලදී.

මෙම උත්සවය 2025 දෙසැම්බර් 06 වන දින උදෑසන 243 පාබල බලසේනාවේ 03x05 භට පිරිස් කණ්ඩායමක්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි ලියෝ සමාජය වින්සන්ටයිට්ස් දායකත්වයෙන් 243 පාබල බලසේනාවේ සහයෝගයෙන් සේරුවාවිල ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට දුන් මෙම මානුෂිය ආධාර යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉවහල් වේ.