?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th December 2025 20:43:51 Hours

243 පාබල බලසේනාවට අයත් 11(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේභඨපිරිස් විසින් කෝවිල් පොරතිව් ප්‍රදේශයේ පානීය ජල ලිං පිරිසිදු කිරීමේ වැඩසටහනන් පැවැත්වීම

243 වන පාබල බලසේනා මූලස්ථානයේ පුර්ණ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ 2025 දෙසැම්බර් 04 වන දින 1000 පැයේ සිට 1730 පැය දක්වා 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහය ඇතුව 01 x 10 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රිවි තිබු පානීය ජල ලිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන අතරතුර භට පිරිස් විසින් කෝවිල් පෝරතීව් මුරුගන් කෝවිල් ළිඳ, කෝවිල් පෝරතීව් පෙර පාසල් ළිඳ, කෝවිල් පෝරතීව් හන්දියේ ළිඳ සහ කෝවිල් පෝරතීව්නිවාසක පිහිටි ලිද ඇතුළුව ලිං 04 x ක් පිරිසිදු කරන ලදී. මෑත කාලීන පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ මෙම ළිං ප්‍රදේශවාසීන් විසින් බහුලව භාවිතා කර ඇති අතර, බලපෑමට ලක් වූ පදිංචිකරුවන්ට ආරක්ෂිත පානීය ජලය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම සඳහා පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.