?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd December 2025 15:27:50 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් දිඹුලගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල පවුල් සඳහා වියළි සලාක මලු බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හදිසි ආපදා තත්වය හා ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව වෙත වියලි සලාක මලු ලබා දීම 2025.12.02 දින 210 දළුකාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ දී පවත්වන ලදී./p>

ආරක්‍ෂක සේනාව නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් පි කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් ජේ එස් බි ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි පි පි කුලතිලක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සම්බන්ධිකරණයෙන් 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස් ඩි කේ ඩබ්ලිව් එම් එම් අයි වැලිවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්‍ෂණයෙන් යුතුව 12 වන ගැමුණු හේවා බලකාය අණදෙන නිලධාරි මේජර් අසේල ගුණසේකර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන සිදුකරන ලදි. /p>

මෙම සත් ගුණවත් වැඩසටහන මේ ආකාරයෙන් සාර්ථක කර ගැනිම සඳහා වු මුල්‍යමය දායකත්වය මුල්‍යමය අනුග්‍රහය දක්වනු ලබන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ආදරණිය මැතිනිය වන හේමාස් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ශ්‍රිරෝමි මාසකෝරාල මැතිනිය විසින් මෙම වැඩ සටහන සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන ලදි. /p> <