?
03rd December 2025 11:49:57 Hours
මෙම ආරක්ෂක සේනා (නැගෙනහිර) බලප්‍රදේශයට බලපැ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් වැඩිම අපදා හානියක් සිදු වු ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ ප්‍රදේශයන් හා පිඩාවට පත් ප්‍රජාවහට අවශ්‍ය සහන කටයුතු සහ ප්‍රදේශයේ සිදුවෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම සඳහා කාර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හදුන්නෙත්ති මැතිතුමා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා, ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ ආපදා තත්වයට පත් ප්‍රදේශ කිහිපයක නිරික්ෂණ සංචාරයක් සිදුකරන ලදි.
මෙහිදි පිරිස පලමුව දෙහිවත්ත විහාරස්ථානයට ගිය අතර එහිදි විහාරස්ථානය තුල පවත්වාගෙන යනු ලබන සුරක්ෂා මධ්‍යස්ථානයේ රුදී සිටින අවතැන් වූ පිරිස් සමඟ කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා, සෞඛ්‍ය ගැටළු සහ සුභසාධනය පිළිබඳව සොයා බලා පැමිණෙන ලදි. ඉන් පසුව පිරිස මුතුර් ප්‍රදේශය වෙත ගොස් ප්‍රදේශිය ලේකම් තුමිය හමුවි ආපදා තත්වය තුල යුද්ධ හමුදා සහය ලබාදෙන අයුරු පිළිබදව පැහැදිලි කිරිමක් සිදුකරන ලදි. අනතුරුව සේරුනුවර රජ මහා විහාරය වෙත පැමිණි පිරිස එහිදි විහාරාධිපති පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි හමු වි පසුව විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා මධ්‍යස්ථානයද නිරික්ෂණය කරන ලදි.
පසුව ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා විසින් 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ නිලධාරි, සෙසුනිලයින් හට තම බල ප්‍රදේශය තුල අයහපත් කලගුණ තත්වය හේතුවෙන් ඇති වු ආපදා කටයුතු සදහා සිදුකරනු ලබන කාර්යයන් වෙනුවෙන් සියළුදෙනා හට තම ප්රසංසාව පිරිනමන ලදි.