?
02nd December 2025 19:07:29 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් K.W. ජයවීර USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ නින්දවූර් හි ප්‍රධාන මුස්ලිම් පල්ලියේදී නින්දවූර් ප්‍රාදේශීය ලේකම් සහ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්විණි.මෙම සම්බන්ධීකරණ සාකච්ඡාවෙහි මූලික අරමුණ වූයේ රට පුරා අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූවන් සඳහා අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය එකතු කිරීම සබැදිව වේ. මෙම සාකච්ඡාවේදී සහල් කිලෝග්‍රෑම් 5,000 ක් සහ අනෙකුත් අත්‍යවශ්‍යය ද්‍රව්‍ය ලබා දීමට එකඟ වූ අතර, එම අවස්ථාවෙදී සංකේතාත්මකව සහල් මළු 10ක ප්‍රමාණයක් ( කිලෝ ග්‍රෑම් 05) ප්‍රධානය කරන ලදී.තවද,එම භාණ්ඩ 2025 දෙසැම්බර් 06 සහ 07 දිනයන් හිදී ගම්පල ප්‍රදේශයට ලබා දීම සඳහා සැලසුම් කරන ලදී.