?
30th November 2025 16:31:38 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ 223 පාබල බළසේනා මුලස්ථානයට අයත් රාකුලි ගම්මනයේ මහවැලි ගග දෙපස අනාරක්ෂිත තත්වයේ සිටි පවුල් 94කට අයත් සිවිල් වැසියන් 184 දෙනකු 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.29 වන දින 15 වන ශ්‍රිලංකා පාබල රෙජිමේන්තුවට අයත් 01X10ක භඨ පිරිසක් විසින් ක්‍රියාකාරීව සම්බන්ධ වී ආපදා අනතුරු තත්වයේ සිටි සිවිල් වැසියන් පිරිස මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.
ඒ අනුව 15 ශ්‍රිලපාහ රෙජිමේන්තුවට අයත් භඨ පිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දරා එම සිවිල් වැසියන් පිරිස මුදවාගෙන ආරක්ෂිත නාහාර් බාලිකා විද්‍යාලයේ පිහිටි අවතැන් කඳවුර වෙත යොමු කිරිමට කටයුතු සිදුකරන ලදි.