?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th November 2025 14:55:40 Hours

3 (සෙව්) විජයබාහු පාබල රෙජිමේතුව විසින් ඇල්ලකොටලිය ගම්මානයේ ගංවතුර තත්වයෙන් බලපෑමට ලක් වු සිවිල් වැසියන් මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදී.

ආසේමු (නැ) බලප්‍රදේශයට අයත් ඇල්ලකොටලිය ගම්මානයේ අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අතරමං වී සිටි පදිංචිකරුවන් පිරිසක් 3 (සෙව්) විජයබාහු පාබල රෙජිමේතුවේ 01 x 30 භට පිරිස් ප්‍රමාණයක් යොදවා බලපැමට ලක්ව සිටි පිරිස මුදවා ගැනිමට කටයුතු සිදිකරන ලදි.

මෙහෙදි බලපැමට ලක්ව සිටි පිරිස අතර, පිරිමි 04 ක්, ගැහැණු 05ක් සහ කුඩා ලමුන් 04 දෙනෙකු මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.

තත්වය දැනට පාලනය කර ඇති අතර, මුදාගත් සියලුම පුද්ගලයින් ආරක්ෂිතව නම් කරන ලද ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර වෙනත් කිසිදු හානියක් වාර්තා වී නොමැති බැවින් අවශ්‍ය උපදෙස් මත අවශ්‍ය පරිදි තවදුරටත් සහාය ලබා දීම සඳහා භට පිරිස් එම ස්ථානගතව ඇත