?
11th November 2025 13:56:42 Hours
243 පාබල බලසේනාව සිය 3 වන සංවත්සරය 2025 නොවැම්බර් 10 වන දින මූලස්ථාන පරිශ්‍රයේදී සමරනු ලැබීය.
සංවත්සර සැමරුමේ කොටසක් ලෙස, 2025 නොවැම්බර් 09 වන දින මඩකලපුවේ මාමංග හින්දු කෝවිලේ සහ බලසේනා මූලස්ථානයේදී ආගමික වතාවත් පවත්වන ලදී. 243 පාබල බලසේනාවට, එහි නිලධාරීන්ට, අනෙකුත් නිලයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමේදී අඛණ්ඩ ශක්තිය, එකමුතුකම සහ සාර්ථකත්වය අපේක්ෂා කරමින් ආශිර්වාද කිරීම පවත්වන ලදී.
සංවත්සර දිනයේදී, 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යූපී කළුපහන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත උත්සවාකාරයෙන් හමුදා මුර සම්මාන මුරයක් පිරිනමන ලදි. පසුව, බලසේනාධිපති තුමාන් විසින් කඳවුරු පරිශ්‍රය තුළ අඹ පැළයක් රෝපණය කළ අතර එය මූලස්ථානයේ වර්ධනය, එකමුතුකම සහ කල් පවතින උරුමය සංකේතවත් කළේය.
සංවත්සර දිනයේදී සමූහ ඡායාරූපයක්, සියලුම නිලයන්ගේ තේ පැන් සංග්‍රහයක්, සියලුම නිලයන්ගේ දිවා ආහාරය සහ බලසේනාධිපති තුමාන්ගේ භට පිරිස් ඇමතිමේ දේශනය සමඟින් අවසන් විය.
බලසේනාධිපති තුමාන් සිය දේශනයේදී 243 වන පාබල බලසේනාවේ මෙහෙවර හා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ නොසැලෙන කැපවීම, වෘත්තීයභාවය සහ අමිල දායකත්වය වෙනුවෙන් සියලුම නිලධාරීන් සහ අනෙකුත් නිලයන් වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය.