?
11th November 2025 08:40:36 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිපිපි කුලතිලක එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස් මත 233 පාබල බලසේනාධිපති කර්නල් එස්ජේඑම්එන් පෙරේරා යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ මග පෙන්වීම හා 7වන බළඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරි මේජර් ආර්එම්ඩබ්ලිව්කේ රත්නායක යුඑස්පි එල්එල්එම්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ අධීක්‍ෂනය යටතේ සිවිල් ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ සංකල්පය පලගන්වමින් මෙම ඒකක බළප්‍රදේශට අයත් තියාවට්ටුවාන්, කඩදාසිනගර් ප්‍රදේශවල පදිංච් දිලිදු පවුල් 100ක් සදහා වියලි සලාක මළු බෙදා දිමේ උත්සවයක් 2025.11.08 වන දින පවත්වන ලදි.
මෙම වැඩසටහන සදහා රංජන් අන්තෝනියෝ මහතා සහ රොටරි සමාජයේ සාමාජිකයින් විසින් අනුග්‍රහය දක්වන ලදී.
සිවිල්-හමුදා සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගනිමින් සහ ජාතික සේවය සහ සමාජ සුභසාධනය සඳහා හමුදාවේ අඛණ්ඩ කැපවීම නැවත තහවුරු කරමින් උත්සවය සාර්ථකව අවසන් විය.