?
10th November 2025 13:58:40 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) බළප්‍රදේශය තුල පිහිටා ඇති දිඹූලාගල ආරණ්‍ය සේනාසනයේ අහාස් මාලිගාවට යන මාර්ගය දෙපස 12 වන ගැමුණු හේවා බලකායේ භඨපිරිස් හා සිවිල් වැසියන් ඒක්ව 2025.11.04 වන දින පිරිසිදු කිරිම් සිදු කරන ලදි.
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි පි පි කුලතිලක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සම්බන්ධිකරණයෙන් 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස් ඩි කේ ඩබ්ලිව් එම් එම් අයි වැලිවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණයන් යුතුව 12 වන ගැමුණු හේවා බලකාය අණදෙන නිලධාරි මේජර් අසේල ගුණසේකර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මෙහෙයවිම මත එම ඒකකයේ නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන සිදුකරන ලදි.