?
08th November 2025 19:12:02 Hours
දිඹුලාගල අධ්‍යපන කාලප කාර්යාලයට අයත් දම්මින්න මහා විදුහලට පරිඝණක යන්ත්‍ර හතරක් හා නිදන්වල ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන ලමුන් 54 දෙනෙකුට පාසල් උපකරන බෙදා දිමේ වැඩසටහනක් 2025.11.07 වන දින නිදන්වල ප්‍රාථමික විදුහලේදි පවත්වන ලදි.
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිමේජර් ජෙනරාල් ජි පි පි කුලතිලක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සම්බන්ධිකරණයෙන් 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස් ඩි කේ ඩබ්ලිව් එම් එම් අයි වැලිවිටආර්ඩබ්ලිව්පිආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණයන් යුතුව 12 වන ගැමුණු හේවා බලකාය අණදෙන නිලධාරි මේජර් අසේල ගුණසේකර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන සිදුකරන ලදි.
මෙම සත් ගුණවත් වැඩසටහන මේ ආකාරයෙන් සාර්ථක කර ගැනිම සදහා වු මුල්‍යමය දායකත්වය සීවා ලෝජිස්ටික්ලංකා පුද්ගලික සමාගම විසින් වන අතර, එම ආයතනය මගින් දුෂ්කරතාවයෙන් පෙලෙන අඩු අදායම්ලාභි දරුවන් සදහා සිදු කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් වශයෙන් සීවා ලෝජිස්ටික්ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක තුමන් වන රනිල් පොලොනොවිට මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළුම දෙනා විසින් මෙම පොත් පත් සහ පාසල් උපකරණ හා පරිඝණක යන්ත්‍ර සදහා වු මුල්‍යමය දායකත්වය දක්වන ලදි.