?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th November 2025 19:07:37 Hours

ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) 22 වන පාබල සේනාංක කදවුරු නිල සංචාරයක නිරත වේ

මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති වශයෙන් වැඩ භාරගැනිමෙන් පසු 22 වන පාබල සේනාංකයේ දෙවන නිල සංචාරය 2025නොවැම්බර්මස 06 දින සිදු කරන ලදී.

ඒ අනුව, 2025 නොවැම්බර් මස 06 දින 22 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිනි අතර, ඉදිරිපස පිවිසුම් දොරටුව අභියසදී යුද්ධ හමුදා පිලිවෙතට අනුව පිලිගැනිමෙන් අනතුරුව 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් ආඥාපති තුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව ආඥාපති තුමන් සියළු භඨපිරිස් ආමන්ත්‍රණය කිරිමෙ පසු සියලු නිළ තේ පැන් සංග්‍රහයට එක්වන ලදි. පසුව ආඥාපති තුමන් විසින් කදවුරු භූමිය පරීක්‍ෂාවට ලක් කරන ලදී.

තවද, 221 පාබසේමූ, 222 පාබසේමූ, 223 පාබසේමූ බලසේනාධිපති වරුන් සහ ඒකක අණ දෙන නිලධාරීන්, ආඥාපතිතුමන්ගේ මෙම සංචාරය සඳහා සහභාගීවන ලදී.