?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th November 2025 12:31:10 Hours

තද වැසි සහ තද සුළං බලපෑම හේතුවෙන් හානි වු සිවිල් නිවාස කිහිපයක් යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කර දිම

2025 ඔක්තෝබර් මස 05 වන දින මෙම සේනාංක බළප්‍රෙද්ශයට අයත් පූනානි ගම්මානයට තද වැසි සහ තද සුළං බලපෑ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් නිවාස 04 ක වහලවල් වලට දැඩි හානි සිදුවිය.

හානියට ලක්වු එම නිවාසයන්හි වහලවල් යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සකස්කර දෙන ලෙස 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගෙන් ඉල්ලීමක් කර ඇති බැවින්, ඒ සදහා ආසේඉ පුනානි වෙතින් ඉංජිනේරු සෙනීන් 02 ක් හා 7 ගැහේබ ඒකක භඨපිරිස් 04 ක ප්‍රමාණයක් යොදවා සකස් කර දෙන ලෙස උපදෙස් ලබා දෙන ලදි .

ඉන් පසු නුදුරේදී ඇති වීමට නියමිත අධික වර්ෂාපතනයට ප්‍රථම බලපෑමට ලක් වූ පවුල්වලට තව දුරටත් බාධාවකින් හෝ කාලගුණය ආශ්‍රිත හානිවලින් තොරව ඔවුන්ගේ නිවෙස්වල ආරක්ෂිතව රැඳී සිටීමට හැකි වන පරිදි 2025 ඔක්තෝබර් 29 සිට 31 දක්වා කාලය තුලදී අලුත්වැඩියා කටයුතු සිදු කරන ලදී.