?
01st November 2025 16:25:42 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) 2025 ඔක්තෝබර් 31 වන දින මූලස්ථාන පරිශ්‍රයේදී උත්සව මාලාවක් සමඟින් සිය 22 වන සංවත්සරය ආඩම්බරයෙන් සැමරීය.
සංවත්සර සැමරුමේ කොටසක් ලෙස, 2025 ඔක්තෝබර් 24 සහ 25 යන දිනවල මඩකලපුවේ සෝමාවතිය මහා සෑය, ශාන්ත මරියා දේවස්ථානය, මාමංග හින්දු කෝවිල සහ අල් ලක්සා මුස්ලිම් පල්ලියේදී ආගමික වතාවත් පවත්වන ලදී. ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර), ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිලධාරීන්, සෙසුනිළයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වලට මෙන්ම රාජකාරි ඉටු කිරීමේදී අඛණ්ඩ ශක්තිය, එකමුතුකම සහ සාර්ථකත්වය අපේක්ෂා කරමින් මෙම සැමරුම් පවත්වන ලදී.
සංවත්සර දිනයේදී, 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) අඥාපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, වෙත උත්සවාකාර කඳවුරු සම්මාන මුරයක් සහ ගෞරව සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. චාරිත්‍රානුකූල ගෞරව දැක්වීමෙන් පසුව, මූලස්ථානයේ වර්ධනය, එකමුතුකම සහ කල් පවතින උරුමය සංකේතවත් කරමින් අඥාපතිතුමාන් විසින් කඳවුරු පරිශ්‍රය තුළ අඹ පැළයක් රෝපණය කළේය.
සමුහ ඡායාරූපයක් සහ අනෙකුත් සාම්ප්‍රදායික සිදුවීම් සමඟින්, අඥාපති තුමාන්ගේ භඨපිරිස් ඇමතිමක් ද ඇතුළුව සංවත්සර දිනය සර්ථකව අවසන් විය. මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිළධාරි මෙම සේනා මුලස්ථානයේ මෙහෙවර සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ නොසැලෙන කැපවීම, වෘත්තීයභාවය සහ මිල කළ නොහැකි දායකත්වය වෙනුවෙන් සියලුම නිලධාරීන් සහ අනෙකුත් නිලයන් වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය.