?
29th October 2025 12:02:46 Hours
සෙවනපිටිය සාම විහාරයේ අලුතින් ඉදිකරන ලද දහම් පාසල් ගොඩනැගිල්ල 2025 ඔක්තෝබර් 26 වන දින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රජයේ නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
අඩි 155 x 22 ක ප්‍රමාණයේ මෙම ගොඩනැගිල්ල, කලාපයේ ආගමික හා අධ්‍යාපනික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ප්‍රජා සංවර්ධන වැඩසටහනක කොටසක් ලෙස 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිකරන ලදී. අවසන් කරන ලද මෙම ගොඩනැගිල්ල විහාරස්ථාන බලධාරීන්ට නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.බී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එන්පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ රෙජිමේන්තු කර්නල් මේජර් ජෙනරාල් ජේ එස් පී ඩබ්ලිව් පල්ලේකුබුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.
233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්ජේඑම්එන්එස් පෙරේරා යුඑස්පී, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී, බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ) ස්වේච්ඡා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වැලිකන්ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් ද සහභාගී වූහ.
අලුතින් ඉදිකරන ලද ධර්මශාලා ගොඩනැගිලි ව්‍යාපෘතිය සුරේකා ගාඩ්නර් මහත්මිය විසින් නොමසුරුව පරිත්‍යාග කරන ලද අතර, මෙම මුලපිරීම සාර්ථකව නිම කිරීම සඳහා ඇයගේ වටිනා දායකත්වය සහ සහයෝගය ඉවහල් විය.
.මෙම අවස්ථාව සිවිල්-හමුදා සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, යටිතල පහසුකම් සහ සමාජ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති හරහා ප්‍රජා සුභසාධනය සහ ජාතික සංවර්ධනයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.