?
28th October 2025 14:04:06 Hours
වලිකන්ද ජාතික පාසලේ අලුතින් ඉදිකරන ලද එළිමහන් පන්ති කාමරය භාරදීමේ උත්සවය 2025 ඔක්තෝබර් 27 වන දින සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්පි සහ ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි විය.
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේපීපී කරුණානායක, බ්‍රිගේඩියර් ව්‍යාපෘති, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වේච්ඡා) අණදෙන නිලධාරී සහ 233 පාබල බලසේනාවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ. මෙම විශේෂ අවස්ථාවට පාසලේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසුන් සහභාගී වූහ.
එළිමහන් පන්ති කාමර ව්‍යාපෘතිය සුරේකා ගාඩ්නර් මහත්මිය විසින් පරිත්‍යාගයෙන් සාර්ථකව නිම කිරීම සඳහා ඇයගේ වටිනා දායකත්වය සහ සහයෝගය ඉවහල් විය.