?
26th October 2025 18:25:16 Hours
යුධ හමුදා සාමාජිකයින් අතර මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීම් උත්සාහයන් වැළැක්වීම පිළිබඳ පුළුල් තෙදින වැඩමුළුවක් 2025 ඔක්තෝබර් 21 සිට 23 දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) හිදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟ පෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.
මෙම වැඩමුළුව යුද හමුදා මූලස්ථානයේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ මානසික සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද අතර, බ්‍රිගේඩියර් (උපදේශක) ආර්එම්එම් මොනරාගල යුඑස්පී, බ්‍රිගේඩියර් (උපදේශක) එම්කේඒඩී චන්ද්‍රමාල් සහ වෛද්‍ය මේජර් ඩීඩබ්ලිව්එස්එම්කේ සිල්වා යන අයගෙන් සමන්විත විය.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ හමුදා පරිසරය තුළ මානසික සෞඛ්‍ය අභියෝග හඳුනා ගැනීම, කළමනාකරණය කිරීම සහ වැළැක්වීම සම්බන්ධයෙන් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් අතර දැනුවත්භාවය, අවබෝධය සහ ධාරිතාව වැඩි දියුණු කිරීමයි. ආතතිය ආශ්‍රිත තත්වයන් කල්තියා හඳුනා ගැනීම සහ සියදිවි නසාගැනීමේ අවදානම අවම කිරීම වැළැක්වීමේ පියවර ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) රඟහල තුළ විවිධ සංයුති නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 60 දෙනෙකු සහ කොමිසන් නොලත් නිලධාරීන් 65 දෙනෙකු මෙම වැඩමුළුවට සහභාගී වූහ. අන්තර්ක්‍රියාකාරී සැසිවලට දේශන, කණ්ඩායම් සාකච්ඡා සහ මානසික සෞඛ්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන නිලධාරීන්ට ඵලදායී නායකත්වයක් සහ සහාභාගිවන්නන්ගේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා නිර්මාණ ඇතුළත් විය.
ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, සිය අවසන් කතාවේදී, සේවා නිලධාරීන් අතර මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවූ උත්සාහයන් සඳහා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ මුලපිරීම අගය කළේය. යුද්ධ හමුදා සාමජිකයින්ගේ මානසික ඔරොත්තු දීමේ හැකියාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා තිරසාර දැනුවත්භාවය සහ ආයතනික සහයෝගයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
සහයෝගය දක්වන සහ මානසිකව ඔරොත්තු දෙන හමුදා ප්‍රජාවක් පෝෂණය කිරීම සඳහා සාමූහික කැපවීම නැවත තහවුරු කිරීමකින් වැඩමුළුව අවසන් විය.