?
25th October 2025 12:49:44 Hours
22 වනපාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත සහ 221වන පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ සහභාගීත්වයෙන් යුතුව 20වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් 2025 ඔක්තෝම්බර් මස 18 සහ 19 දෙදින ඓතිහාසික තිරියාය ගිරිහඩුසෑය රාජමහා විහාරයේ කඨින මහා පිංකම සඳහා දායකත්වය ලබාදෙන ලදී.
මෙම ආගමික වැඩසටහන විහාරාධිකාරී ශාස්ත්‍රපති දෙවිනුවර චන්දිම හිමියන්ගේ අනුශාසනා පරිදි 2025 ඔක්තෝම්බර් මස 18 වන දින රාත්‍රීයේ මහා සංඝරත්නය වැඩමවා පිච්චමල් පූජාවක් හා කාලීන ධර්ම දේශනයක් පවත්වා, පසු දින උදෑසන හීල් දානය හා අටපිරිකර සහිතව දහවල් දානය මහා සංඝරත්නයේ විසිතුන් නමකට හා මෙහෙණින් වහන්සේලා එකොළොස් නමකට පිළිගැන්වීම හා වනවාසී ස්වාමීන් වහන්සේලාගේ පරිහරණය සඳහා මෙම ඒකකයේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද "සමාධි" භාවනා කුටිය සඝසතු කිරීම සිදුකරන ලදි.
මෙම වැඩසටහන 221 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් චන්දිම බෙලිගස්වත්ත ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත 20වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්‍ෂණය හා මෙහෙයවීම යටතේ 2025 ඔක්තෝම්බර් මස 18 වන දින සිට 19 වන දින දක්වා කාලය තුල විහාරස්ථාන භූමිය පිරිසිිදු කිරීම, කඨින පිංකම සඳහා වැඩම කරනු ලබන ස්වාමීන් වහන්සේලාට මුතුකුඩ එසවීම, දානය පිළියෙල කිරීම සඳහා ඒකකයේ ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී. තවද, මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා හා විහාරස්ථ දායක පිරිස ඇතුළුව 400ක් පමණ පිරිසක් සහභාගී විය.